සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 86 ක ජයක් වාර්තා කරමින් තරග 3 කින් යුත් T20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට (2-0) ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
දිල්ලිහී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 9 ක් දැවී ලකුණු 221 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කරමින් නිටිෂ් කුමාර් රෙදී සිය මංගල විස්සයි 20 අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 34 කින් ලකුණු 74 ක් ලබා ගනිමින්. හයේ පහර 7 ක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.
රින්කු සිං ලකුණු 53 ක් ලබා ගත්තේ පන්දු 29 කින් හයේ පහර 3 ක් හා හතරේ පහර 5 ක් සමගින්.
පන්දු යැවීමේ දී රිෂාද් හොසේන් ලකුණු 55 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ටස්කින් අහ්මඩ්, ටන්සිම් හසාන් හා මුස්ටර්ෆිසුර් රහ්මාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 135 ක් පමණයි.
මහ්මුදුල්ලාහ් ලකුණු 41(39) ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී නිටිෂ් කුමාර් රෙදී හා වරුන් චක්‍රවර්තී කඩුලු 2 බැගින් බිද හෙලුවා.