නැරඹීමටත් අපහසු බුම්රා මුහුණ දුන් පාදයේ ආබාධය

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා අද(28) දකුණු පාදයේ වළලුකර ප්‍රදේශයේ ආබාධයකට මුහුණ දුන්නා.

ඒ, දකුණු අප්‍රිකාව සමග සෙන්චූරියන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනයේ දී යි.

එහිදී දකුණු අප්‍රිකා පළමු ඉනිමේ දී පන්දුවක් යොමු කළ අවස්ථාවේ දී බුම්රා මෙලෙස ආබාධයකට ලක් වුණා.

ඒ හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත් වීමටයි එම අවස්ථාවේ දී පියවර ගත්තේ.

ඔහුගේ තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය කණ්ඩායම අධීක්ෂණය කරමින් සිටින බවත්, බුම්රා වෙනුවට ෂ්රෙයස් අයියර් පන්දු රැකීම සදහා තාවකාලිකව ආදේශ කළ බවත්, ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුව නිවේදනය කළා.

කෙසේ වෙතත්, අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව මේ වන විට ජස්ප්‍රිට් බුම්රා ක්‍රීඩාංගයේ පන්දු රැකීම සදහා යළි එක්ව සිටිනු දක්නට ලැබෙනවා.

ආබාධයට ලක් වූ අයුරු පහතින් නරඹන්න –

Comments (0)
Add Comment