නායක බබාර් අසාම්ට 20යි 20 තරගාවලිය අහිමි වෙයි

නවසීලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් 20යි 20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව පාකිස්තාන නායක බබාර් අසාම්ට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ දකුණු අතෙහි සිදු වූ ආබාධයක් හේතුවෙන්.

පුහුණුවීම් අතරතුර දී බබාර් අසාම් මෙම ආබාධයට ගොදුරු වී ඇති බව සදහන්.

ඒ අනුව ඔහුට දින 12ක කාලයක් විවේක ගැනීම සදහායි වෛද්‍ය උපදෙස් ලැබී ඇත්තේ.

බබාර් අසාම් 20යි 20 තරගාවලිය සදහා ක්‍රීඩා නොකරන බැවින් එම තරගාවලියේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උප නායක ශඩාබ් ඛාන්ට පැවරෙනු ඇති.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය ලබන 18 වනදා ඔක්ලන්ඩ් හී දී පැවැත්වීමට නියමිතයි.

Comments (0)
Add Comment