සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා.
නොවැම්බර් 22 වැනිදා ආරම්භ වන ඉන්දීය ටෙස්ට් තරගාවලිය අරමුණු කර ගනිමින් මෙම විස්සයි 20 සංචිතයෙන් සියලු ටෙස්ට් ක්‍රීඩකයින් විවේක ගැන්වීමටයි කටයුතු කර ඇත්තේ.
ආබාධවලට ලක්ව සුවය ලබා සිටින Xavier Bartlett, Nathan Ellis හා Spencer Johnson සංචිතයට කැදවීමට තීරණය කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෑතකදී විස්සයි 20 පිටියේ දී මෙහෙය වූ මිචෙල් මාෂ් හා ට්‍රැවිස් හෙඩ් මෙන්ම එක්දින හා ටෙස්ට් නායක පැට් කමින්ස් ද විස්සයි 20 සංචිතයට නම් කර නොමැති බැවින් පාකිස්තානයට එරෙහි තරගාවලියේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවන්නේ කවුරුන් විසින්දැයි මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.
තේරීම් කමිටු ප්‍රධානී ජෝර්ජ් බේලි සදහන් කළේ ඉදිරියේ දී කණ්ඩායමේ නව නායකයා (වැඩබලන) සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලිය නොවැම්බර් 14 වැනිදා බ්‍රිස්බේන්හීදී ආරම්භ වීමට නියමිතයි. ඊට පෙර නොවැම්බර් 4 වැනිදා සිට දෙරට අතර එක්දින තරගාවලියක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය මීට පෙර ප්‍රකාශයට පත් කෙරුණා.
Australia’s T20I squad vs Pakistan:
Sean Abbott, Xavier Bartlett, Cooper Connolly, Tim David, Nathan Ellis, Jake Fraser-McGurk, Aaron Hardie, Josh Inglis, Spencer Johnson, Glenn Maxwell, Matthew Short, Marcus Stoinis, Adam Zampa
Australia ODI squad vs Pakistan
Pat Cummins (c), Sean Abbott, Cooper Connolly, Jake Fraser-McGurk, Aaron Hardie, Josh Hazlewood, Josh Inglis, Marnus Labuschagne, Glenn Maxwell, Matthew Short, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Adam Zampa