එළඹෙන දකුණු අප්රිකා තරග සංචාරයේ එක්දින හා 20යි 20 තරගාවලි සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිත කොදෙව් ක්රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.
දෙරට අතර පැවැත්වෙන එක්දින තරග තුන මාර්තු 16, 18 හා 21 යන දිනවලදී ද, 20යි 20 තරග තුන මාර්තු 25, 26 හා 28 යන දිනවලදී ද පැවැත්වීමට නියමිතයි.
එක්දින තරගාවලියේ දී කොදෙව් කණ්ඩායම පළමු වරට මෙහෙයවීමේ වගකීම ෂේයි හෝප්ට පැවරී ඇති අතර, කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කර ඇත්තේ රොව්මන් පවෙල්.
පවෙල්ගේ නායකත්වයෙන් යුත් 20යි 20 සංචිතයේ උප නායකයා ලෙස පත් කර ඇත්තේ ක්යල් මේයර්ස්.
වේග පන්දු යවන ක්රීඩක ශැනන් ගේබ්රියල් යළි එක්දින කණ්ඩායමට කැදවීමට පියවර ගෙන ඇති අතර, ඔබෙඩ් මැකෝයි 20යි 20 සංචිතයට නම් කර තිබෙනවා.
කෙසේ වෙතත්, මැකෝයි 20යි 20 තරගාවලියට ක්රීඩා කරන්නේ ඔහුගේ ශාරීරික යෝග්යතාවය සුදුසු මට්ටමක පවතින බවට වෛද්ය සහතිකයක් හිමිවුවහොත් පමණයි.
දණහිසක ආබාධයකට ලක් වී පසුව ශල්යකර්මයකට මුහුණ දුන් වේග පන්දු යවන ක්රීඩක ජෙයිඩ්න් සීල්ස් තවදුරටත් තේරීම් සදහා සලකා බැලීමට සුදුසු මට්ටමක නොසිටින බවයි කොදෙව් ක්රිකට් ආයතනය නිවේදනය කළේ.
ODI Squad :
Shai Hope (C), Rovman Powell (VC), Shamarh Brooks, Yannic Cariah, Keacy Carty, Roston Chase, Shannon Gabriel, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Kyle Mayers, Nicholas Pooran, Romario Shepherd, Odean Smith
T20I Squad :
Rovman Powell (C), Kyle Mayers (VC), Shamarh Brooks, Yannic Cariah, Johnson Charles, Sheldon Cottrell, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Obed McCoy, Nicholas Pooran, Raymon Reifer, Romario Shepherd, Odean Smith