ඇෆ්ඝනිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක නවීන් උල් හක්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ILT20 තරගාවලියේ සංවිධායකයින් විසින් මාස 20 ක තරග තහනමක් පනවා තිබෙනවා.
Sharjah Warriors කණ්ඩායම සමග ඔහු අත්සන් කළ ක්‍රීඩක ගිවිසුම උල්ලංඝනය කිරීම හේතුවෙනුයි මෙම තහනම පනවා ඇත්තේ.
පසුගිය ILT20 අදියරේ දී ඔහු Warriors කණ්ඩායම නියෝජනය කරමින් තරග 9ක් ක්‍රීඩා කළා.
ILT20 තරගාවලියේ දෙවැනි අදියර එළඹෙන ජනවාරි හා පෙබරවාරි මාසවලදී පැවැත්වීමට නියමිත අතර, එම තරගාවලිය අරමුණු කර ගනිමින් තවත් වසරකින් ඔහුගේ සේවය ලබා ගැනීම දීර්ඝ කිරීමට Warriors කණ්ඩායම තීරණය කර තිබුණා.
කෙසේ වෙතත්, ඊට අදාළ ලේඛනයකට (retention notice) අත්සන් කිරීම නවීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනුයි ඔහුට එරෙහිව තරග තහනමක් පනවා ඇත්තේ.
ඒ අනුව ඔහුට 2024 හා 2025 තරගවාර සදහා ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.
කෙසේ වෙතත්, ILT20 තරගාවලිය පැවැත්වෙන දිනවලට සමගාමීවම දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත SA20 තරගාවලිය සදහා ඔහු Durban’s Super Giants කණ්ඩායම සමග ගිවිසුම්ගත වී සිටිනවා.