නවසීලන්ත පළමු ඉනිම ලකුණු 88 කට සීමා වෙයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයිි(28).

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 22 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 88 ක් පමණයි. එය නවසීලන්තය මෙරට දී ටෙස්ට් ඉනිමකදී ලබා ගත් අවම ලකුණු සංඛ්‍යාවයි.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 29 ක් රැස් කළ මිචෙල් සැන්ට්නර්. ඩැරල් මිචෙල් ලකුණු 13 ක් හා රචින් රවීන්ද්‍ර ලකුණු 10 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 42 කට කඩුලු 6 ක් දවා ගත් අතර, සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන නිශාන් පීරිස් ලකුණු 33 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 602 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඒ අනුව නවසීලන්තය මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 514 ක්.

Comments (0)
Add Comment