නවසීලන්ත නායිකා Sophie Devine ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින හා විස්සයි 20 ක්‍රිකට් තරගාවලි සදහා ක්‍රීඩා නොකරන බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.
“ඇගේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දීම” හේතුවෙන් ඇය එලෙස එම තරගාවලි සදහා ක්‍රීඩා නොකරන බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
“වෘත්තීය උපදෙස් ලැබීමෙන්” පසු කාන්තා Super Smash තරගාවලියෙන් හා කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඇය ඉවත්වූ පසුබිමකයි ශ්‍රී ලංකා තරගාවලියෙන් ද ඇය මේ වන විට ඉවත්ව ඇත්තේ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්ත තරග සංචාරය ආරම්භ කරමින් එළඹෙන 22 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර, මෙම සංචාරයේදී දෙරට අතර එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.
ඊට පෙර එළඹෙන 27 හා 28 යන දිනවලදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම Lincoln හීදී පුහුණු තරග දෙකක් සදහා ද එක්වනවා.
එක්දින තරගාවලිය මාර්තු 4 (Napier), 7 (Nelson) හා 9 (Nelson) යන දිනවලදී ද, විස්සයි 20 තරගාවලිය මාර්තු 14(Christchurch), 16 (Christchurch) හා 18 (Dunedin) යන දිනවලදී ද පැවැත්වීමට නියමිතයි.