නවසීලන්ත ටෙස්ට් සංචිතයට වෙනසක්

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක නෙයිල් වෑග්නර් කැදවා තිබෙනවා.

ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි වෙනුවටයි ඔහුව සංචිතයට ආදේශ කර ඇත්තේ.

ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී හෙන්රිගේ දකුණු පාදයේ ආබාධයක් සිදු වූ අතර, නවසීලන්තයට පැමිණ සිටින ඔහු මේ වන විට ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඔහුට එළඹෙන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ නොහැකි බවට මෙම සතියේ දී සිදු කෙරුණු වැඩිදුර වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය එළඹෙන 28 වැනිදා සිල්හෙට් හී දී ආරම්භ වීමට නියමිතයි.

BLACKCAPS Test squad v Bangladesh

Tim Southee (c)

Tom Blundell (wk)

Devon Conway

Kyle Jamieson

Tom Latham

Daryl Mitchell

Henry Nicholls

Ajaz Patel

Glenn Phillips

Rachin Ravindra

Mitchell Santner

Ish Sodhi

Neil Wagner

Kane Williamson

Will Young

Bangladesh v BLACKCAPS Test series

1st Test – 28 November – 2 December – Sylhet International Cricket Stadium, Sylhet

2nd Test – 6-10 December – Sher-e-Bangla National Cricket Stadium, Dhaka

big 3
Comments (0)
Add Comment