පාකිස්තානය හා දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක ජේකබ් ඩෆී ඇතුළත් කර තිබෙනවා.
එම තරගාවලියෙන් පසුව පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා 30 හැවිරිදි ඔහු අතිරේක ක්‍රීඩකයෙකු ලෙසයි නම් කර ඇත්තේ.
මේ දිනවල පැවැත්වෙන ILT20 තරගාවලියට ක්‍රීඩා කරන වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගසන් වෙනුවට ජේකබ් ඩෆී මෙලෙස සංචිතයට නම් කර තිබෙනවා.
ILT20 තරගාවලිය අවසන් වීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 10 වැනිදායි. තුන්කොන් එක්දින තරගාවලිය පෙබරවාරි 8 වැනිදා ලාහෝර්හීදී ආරම්භ වීමට නියමිතයි.
New Zealand squad for the tri-Series: Mitchell Santner (c), Michael Bracewell, Mark Chapman, Devon Conway, Lockie Ferguson, Matt Henry, Tom Latham, Daryl Mitchell, Will O’Rourke, Glenn Phillips, Rachin Ravindra, Ben Sears, Nathan Smith, Kane Williamson, Will Young, Jacob Duffy