ඉන්දු-නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද දිනයේ දී තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 46 කට දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දී ඉන්දීය කණ්ඩායම දැවී ගිය තෙවැනි අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි එය වාර්තා අතරට එක් වුණේ. එමෙන්ම ඉන්දීය කණ්ඩායම සිය රටේ දී දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව වන්නේ ද මෙම ලකුණු සංඛ්‍යාවයි.
ඉන්දීය ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ රෝහිත් ෂර්මා ලකුණු දෙකකටත්, යශස්වි ජයිස්වාල් ලකුණු 13 කටත් දැවී ගියා.
විරාත් කෝලි, සර්ෆරාස් ඛාන්, කේ එල් රාහුල්, රවීන්ද්‍ර ජඩේජා හා රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු නොලබාම දැවී යාම විශේෂත්වයක්.
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ රිෂාබ් පාන්ට් ලකුණු 20 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී මැට් හෙන්රි ලකුණු 15 කට කඩුලු 5 ක් දවා ගත් අතර, විලියම් ඕරෝක් කඩුලු 4 ක් බිද හෙලුවා.
බැංගලූරුහී දී පැවැත්වෙන තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් ඊයේ සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට සිදු වුණා.
— cric sl (@cricslvideo) October 17, 2024
— cric sl (@cricslvideo) October 17, 2024