ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා පියවර දෙකක් ඉදිරියට පැමිණීමට නවසිලන්තය සමත්ව තිබෙනවා.
ඒ, එංගලන්තය සමග අද නිමා වූ තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ලබා ගත් ලකුණු 423ක විශිෂ්ට ජයග්‍රහණයත් සමඟයි.
ඒ අනුව මෙතෙක් සිව්වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාවට මේ වන විට හිමිව ඇත්තේ පස්වැනි ස්ථානයයි.
එංගලන්තය හයවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසු බැස තිබෙනවා.
මේ වන විට එංගලන්තය සහ නවසීලන්තය 2023-25 ලෝක ටෙස්ට් ශූරතාවලියේ සියලු තරගාවලි ක්‍රීඩා කර අවසන්.
එම කණ්ඩායම් දෙකටම ලබන වසරේ පැවැත්වෙන අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාවක් හිමි වන්නේ නැහැ.
දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තවදුරටත් සටනක නිරත වී සිටිනවා.