නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා T20 හා එක්දින සංචිත නම් කෙරේ – කුසල් පෙරේරාට කැදවීමක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත විස්සයි 20 හා එක්දින ක්‍රිකට් තරගාවලි සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිත නම් කර තිබෙනවා.

එක්දින සංචිතය සදහා යළි කුසල් ජනිත් පෙරේරා කැදවීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ. ඔහු අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේදීයි.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එක්දින සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් අතර, කොදෙව්වන්ට එරෙහි එක්දින සංචිතය හා සැසදීමේ දී කුසල් පෙරේරාගේ කැදවීම හැර වෙනත් කිසිදු වෙනසක් ශ්‍රී ලංකා එක්දින සංචිතයට සිදු කර නැහැ. ඒ අනුව වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙම තරගාවලිය ද අහිමි වී තිබෙනවා.

අසලංකගේ නායකත්වයෙන් යුත් විස්සයි 20 සංචිතයට ද ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්. කොදෙව්වන්ට එරෙහිව නම් කෙරුණු ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය හා සැසදීමේ දී මෙම සංචිතයට කිසිදු වෙනස්කමක් සිදු කර නොතිබීම විශේෂත්වයක්. ඒ අනුව හිටපු නායක දසුන් ශානක මෙම සංචිතයට ද නම් නොකිරීමටයි තීරණය කර ඇත්තේ.

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී දෙරට අතර විස්සයි 20 තරග දෙකක් හා එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිතව ‍තිබෙනවා.

විස්සයි 20 තරගාවලිය නොවැම්බර් 9 හා 10 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, පළමු එක්දින තරගය ද නොවැම්බර් 13 වැනිදා පැවැත්වෙන්නේ එම ක්‍රීඩාංගනයේදීමයි. අවසන් එක්දින තරග දෙක මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී නොවැම්බර් 17 හා 19 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර, තරග සංචාරයට එක්වන නවසීලන්ත කණ්ඩායමේ පළමු ක්‍රීඩක කණ්ඩායම ඊයේ දිනයේ දී මෙරටට ළගා වූ අතර, දෙවැනි ක්‍රීඩක කණ්ඩායම අද පෙරවරුවේ දී දිවයිනට පැමිණියා.

ODI Squad

1.Charith Asalanka – Captain
2.Avishka Fernando
3. Pathum Nissanka
4. Kusal Janith Perera
5. Kusal Mendis
6. Kamindu Mendis
7. Janith Liyanage
8. Sadeera Samarawickrama
9. Nishan Madushka
10. Dunith Wellalage
11. Wanindu Hasaranga
12. Maheesh Theekshana
13. Jeffrey Vandersay
14. Chamidu Wickramasinghe
15. Asitha Fernando
16. Dilshan Madushanka
17. Mohamed Shiraz

T20I Squad

1. Charith Asalanka – Captain
2. Pathum Nissanka
3. Kusal Mendis
4. Kusal Janith Perera
5. Kamindu Mendis
6. Dinesh Chandimal
7. Avishka Fernando
8. Bhanuka Rajapaksa
9. Wanindu Hasaranga
10. Maheesh Theekshana
11. Dunith Wellalage
12. Jeffrey Vandersay
13. Chamidu Wickramasinghe
14. Nuwan Thushara
15. Matheesha Pathirana
16. Binura Fernando
17. Asitha Fernando

top
Comments (0)
Add Comment