ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද(1) නිවේදනය කළා.
ඊට අනුව අයි.සී.සී පන්දුවාර විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංක සමත්ව ඇත්තේ නවසීලන්තය සමග පැවැති පළමු තරග දෙකේදී දැක් වූ දක්ෂතා හේතුවෙන්.
කුසල් මෙන්ඩිස් තවදුරටත් 11 වැනි ස්ථානයේ රැදී සිටින අතර, කුසල් පෙරේරා 36 වැනි ස්ථානය දක්වා ස්ථාන 5 කින් ඉදිරියට පැමිණ තිබෙනවා. චරිත් අසලංක එක් ස්ථානයකින් පසුබැස ඇත්තේ 40 වැනි ස්ථානය දක්වායි. භානුක රාජපක්ෂ 79 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසුබැස තිබෙනවා.
මේ අතර, විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි හා පස්වැනි ස්ථානවල තවදුරටත් පිළිවෙලින් වනිදු හසරංග හා මහීෂ් තීක්ෂණ රැදී සිටිනවා.
මතීෂ පතිරණ ස්ථාන 8 කින් ඉදිරියට පැමිණෙමින් මේ වන විට රැදී සිටින්නේ 26 වැනි ස්ථානයේයි. නුවන් තුෂාර 35 වැනි ස්ථානය දක්වා ස්ථාන 13 කින් ඉදිරියට පැමිණ තිබෙනවා. බිනුර ප්‍රනාන්දු ස්ථාන 52 කින් ඉදිරියට පැමිණෙමින් මේ වන විට 83 වැනි ස්ථානය හිමි කර ගෙන සිටින බව අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්හි සදහන්.
මේ අතර, ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසුබැසීමට කමිදු මෙන්ඩිස්ට සිදුව තිබෙනවා. දිනේෂ් චන්දිමාල් 13 වැනි ස්ථානය දක්වාත්, ධනංජය ද සිල්වා 14 වැනි ස්ථානය දක්වාත් පසුබැස ඇත්තේ එක් ස්ථානය බැගින්.
ඇන්ජෙලෝ මැතිව්ස් 22 වැනි ස්ථානයේ රැදී සිටින අතර, දිමුත් කරුණාරත්න 25 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ එක් ස්ථානයකින්. කුසල් මෙන්ඩිස් සම 41 වැනි ස්ථානය දක්වා ස්ථාන 4 කින්ද, පැතුම් නිස්සංක 43 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ද ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.
ඉන්දියාවේ යශස්වි ජයිස්වාල් පිතිකරුවන් අතර 4 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් 5 වැනි ස්ථානයට ඇද දමමින්. පාකිස්තානයේ සවුද් ශකීල් 6 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ද, ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් 7 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.
මේ අතර, ටෙස්ට් පන්දු යවන්නන් අතර පෙරමුණ තවදුරටත් ජස්ප්‍රිට් බුම්රා විසින් දරනු ලබන අතර, ඔහු මේ වන විට ශ්‍රේණිගත ලකුණු 907කට හිමිකම් කියනවා. එය ශ්‍රේණිගත කිරීම් ඉතිහාසයේදී ඉන්දීය පන්දු යවන්නෙකු ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
ජොෂ් හේසල්වුඩ් දෙවැනි ස්ථානය දක්වාත්, පැට් කමින්ස් තෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානය බැගින් ඉදිරියට පැමිණ ඇති අතර, කාගිසෝ රබාඩා සිව්වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ ස්ථාන දෙකකින්. මාර්කෝ යැන්සන් 5 වැනි ස්ථානය දක්වා ස්ථාන 6 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.
ප්‍රභාත් ජයසූරිය 8 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසුබැස ඇති අතර, අසිත ප්‍රනාන්දු 14 වැනි ස්ථානයේ රැදී සිටිනවා. විශ්ව ප්‍රනාන්දු 27 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ එක් ස්ථානයකින්. ලහිරු කුමාර 32 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසුබැස තිබෙනවා.