නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(18) නිවේදනය කළා.
ඊට අනුව එහි පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 4 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි සමත්ව තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකාව සමග නිමා වූ තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ දී ඉනිම් තුනකදී ශතක 2ක් සමගින් ලකුණු 282 ක් ලබා ගනිමින් ඔහු දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.
කෝලිට ශ්‍රේණිගත ලකුණු 750 ක් හිමිව ඇති අතර, එක්දින පිතිකරුවන් අතර පෙරමුණේ පසුවන්නේ ශ්‍රේණිගත ලකුණු 887 කට හිමිකම් කියන පාකිස්තානයේ බාබාර් අසාම්.
දකුණු අප්‍රිකාවේ රසී වැන් ඩර් ඩුසේන් හා ක්වෙන්ටන් ඩී කොක් පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථානවල පසුවනවා.
ඉන්දියාවේ ෂුබ්මන් ගිල් නවතම එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 26 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 10 කින්.
මේ අතර, ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් සිරාජ් කැපී පෙනෙන අයුරින් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේ දී කඩුලු 9 ක් දවා ගත් 28 හැවිරිදි ඔහු ස්ථාන 15 කින් ඉදිරියට පැමිණ ඇත්තේ තෙවැනි ස්ථානය දක්වායි.
මේ අතර, නවසීලන්තයේ කේන් විලියම්සන් පිතිකරණ ශ්‍රේණිගත කිරම්හි 8 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණීමට ද සමත්ව තිබෙනවා.
[…] – Source – […]
[…] […]