එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය සදහා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා. ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
ටෙස්ට් සංචිතය සදහා පළමු වරට Alick Athanaze හා Akeem Jordan නම් කර තිබීම විශේෂත්වයක්.
Jomel Warrican හා Nkrumah Bonner සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
දණහිසක ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් ජෙයිඩ්න් සීල්ස් මෙම තරගාවලියට නම් කර නැහැ.
දෙරට අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පෙබරවාරි 28 වැනිදා සෙන්චූරියන් හී දී ආරම්භ වීමට නියමිතයි.
Squad:
Kraigg Brathwaite (C), Jermaine Blackwood (Vice Captain), Alick Athanaze, Tagenarine Chanderpaul, Roston Chase, Joshua Da Silva, Shannon Gabriel, Jason Holder, Akeem Jordan, Alzarri Joseph, Kyle Mayers, Gudakesh Motie, Raymon Reifer, Kemar Roach, Devon Thomas