නවකයන් දෙදෙනෙකු T 10 ලීගය සදහා දිවයිනෙන් පිටව යයි

එළඹෙන 28 වනදායින් ආරම්භ වීමට නියමිත අබුඩාබී T 10 ලීගයට ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ධනංජය ලක්ෂාන් සහ මහේෂ් තීක්ෂණ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඔවුන් දෙදෙනාම මෙම තරගාවලියේ දී නොදර්න් වොරියස් කණ්ඩායමයි නියෝජනය කිරීමට නියමිතව ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් මෙවර තරගාවලිය සදහා විවිධ කණ්ඩායම් විසින් තොරාගනු ලැබුව ද ඇතැම් ක්‍රීඩකයින්ට ඊට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර ලබා දී නැහැ.

මෑතකදී අවසන් වූ ලංකා ප්‍රිමියර් ලීගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළ ධනංජය ලක්ෂාන් තුන් ඉරියව්වෙන්ම දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙසට ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

එමෙන්ම මහීෂ් තීක්ෂණ ලංකා ප්‍රිමියර් ලීගයේදී ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායම නියෝජනය කළ දකුණතින් දඟ පන්දු යවන 20 හැවිරිදි ක්‍රීඩකයෙක්.

Comments (0)
Add Comment