ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක වම් පාදයේ ආබාධයකට (grade 1 groin muscle strain) ලක්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(19) පස්වරුවේ තහවුරු කළා.
ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී යි ඔහු එම ආබාධයට ලක්ව ඇත්තේ.
ඒ අනුව ඔහුට අද පැවැත්වෙන ඔස්ට්‍රේලියාවට එරෙහි තෙවැනි එක්දින තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.
ඔහු මේ වන විට සිය ආබාධය සුව කර ගැනීම වෙනුවෙන් පුනරුත්තාපන කටයුතුවල නිරත වෙමින් සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
දෙරට අතර පැවැත්වීමට නියමිත 4 වැනි එක්දින තරගය සදහා ඔහුගේ සහභාගීත්වය වෛද්‍ය උපදෙස් මත තීරණය කරන බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.