හෙට(22) දිනයේ සිට යළිත් දේශිය ක්‍රිකට් තරගාවලි ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යංශය ඒ සදහා ලබා දුන් අනුමැතියෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩා අමාත්‍යංශය අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඒ සදහා අනුමැතිය ලැබී තිබූ බව සදහන්.
ඒ අනුව ප්‍රධාන ක්‍රීඩා සමාජ තෙදින තරගාවලිය හා ‘B’ කොටසේ ක්‍රීඩා සමාජ තෙදින තරගාවලිය හෙට සිට ආරම්භ කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අභියාචනා උපදේශක කමිටුව විසින් ලබා දුන් නිර්දේශයක් අනුමත කිරීමෙන් අනතුරුව පසුගිය පළමු වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සියලු දේශීය තරගාවලි අත්හිටුවීමට පියවර ගත්තා.