ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමටයි.
තරගය සිල්හෙට් හී දී පැවැත්වෙන අතර, මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සදහා එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව ඩිල්ෂාන් මදුෂංක කණ්ඩායමට කැදවා ඇත්තේ අකිල ධනංජය වෙනුවටයි. මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන එකම විශේෂඥ දග පන්දු යවන්නා වන්නේ මහීෂ් තීක්ෂණ පමණයි.
කණ්ඩායම් දෙක –
Sri Lanka XI:
Avishka Fernando, Kusal Mendis (wk), Kamindu Mendis, Sadeera Samarawickrama, Charith Asalanka (c), Angelo Mathews, Dasun Shanaka, Maheesh Theekshana, Dilshan Madushanka, Binura Fernando, Matheesha Pathirana
Bangladesh XI:
Litton Das(w), Soumya Sarkar, Najmul Hossain Shanto(c), Towhid Hridoy, Mahmudullah, Jaker Ali, Mahedi Hasan, Mustafizur Rahman, Taskin Ahmed, Shoriful Islam, Rishad Hossain