දුෂ්මන්ත චමීර නොමැති විට ශ්‍රී ලංකා කණ්ඩායමට පුරප්පාඩුවක්ව පවතින අත්දැකීම් සහිත වේග පන්දු යවන්නෙකුගේ භූමිකාව කසුන් රාජිත විසින් සම්පූර්ණ කරමින් සිටින බව ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසනවා.
ඉන්දියාව සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 16 ක ජයක් වාර්තා කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු ඒ බව සදහන් කළා.
නිමා වූ 20යි 20 ලෝක කුසලානයේ දී කණ්ඩායමට එක් වීමත් සමග කසුන් රාජිත මේ වන විට අඛණ්ඩව දක්ෂතා දක්වමින් සිටින බවත්, කණ්ඩායමට විශාල දායකත්වයක් ලබා දෙමින් සිටින බවත් තීක්ෂණ කියා සිටියා.
මේ අතර, දෙවැනි 20යි 20 තරගය ජය ගත්ත ද, පළමු 20යි 20 තරගයෙන් පරාජයට පත් වීම සම්බන්ධයෙන් තවදුරටත් කනගාටුවක් පවතින බවයි මහීෂ් තීක්ෂණ කියා සිටියේ.
ලකුණු 163 ක ඉලක්කයක් යනු මුම්බායි තණතීරුව තුළ හඹා යා හැකි ලකුණු සංඛ්‍යාවක් බවයි ඔහු පෙන්වා දුන්නේ.
— CricDaily24 (@cricday96) January 5, 2023
[…] – Source – […]