දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක්

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.

ඒ අනුව හෙට ගාල්ලේ දී ආරම්භ වන තරගයේ දී දග පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔහුට අමතරව වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක ද ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවා තිබෙනවා.

ඔවුන් දෙදෙනා වෙනුවට කණ්ඩායමෙන් ඉවත් කර ඇත්තේ ලහිරු කුමාර හා රමේෂ් මෙන්ඩිස්.

පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 63 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව මේ වන විට තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම –

1. DIMUTH KARUNARATNE
2. PATHUM NISSANKA
3. DINESH CHANDIMAL
4. ANGELO MATHEWS
5. KAMINDU MENDIS
6. DHANANJAYA DE SILVA (CAPT)
7. KUSAL MENDIS
8. NISHAN PEIRIS
9. PRABATH JAYASURIYA
10. MILAN RATHNAYAKE
11. ASITHA FERNANDO

top
Comments (0)
Add Comment