දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතයට වෙනසක්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කැදවා තිබෙනවා.

ඩෙංගු රෝගය ආසාදනය වීම හේතුවෙන් ඔහු පළමු ටෙස්ට් තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබුණේ නැහැ.

මෙම නම් කිරීම හැරුණු විට පළමු ටෙස්ට් තරගයට නම් කළ දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයට වෙනත් කිසිදු වෙනසක් සිදු කර නැහැ.

අසිත වෙනුවට මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ඩිල්ෂාන් මදුෂංක පළමු තරගය සදහා වන ටෙස්ට් සංචිතයට ආදේශ කර තිබුණා. ටෙස්ට් වරම් දිනා නොමැති දග පන්දු යවන ක්‍රීඩක ලක්ෂිත මනසිංහ ද සංචිතයට ඇතුළත්.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් පාකිස්තානය කඩුලු 4 ක ජයක් වාර්තා කළ අතර, දෙවැනි තරගය හෙට (24) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

සංචිතය –

  1. Dimuth Karunaratne – Captain
  2. Nishan Madushka
  3. Kusal Mendis
  4. Angelo Mathews
  5. Dinesh Chandimal
  6. Dhananjaya De Silva – Vice Captain
  7. Pathum Nissanka
  8. Sadeera Samarawickrama
  9. Kamindu Mendis
  10. Ramesh Mendis
  11. Prabath Jayasuriya
  12. Praveen Jayawickrama
  13. Kasun Rajitha
  14. Dilshan Madushanka
  15. Vishwa Fernando
  16. Laksitha Manasinghe
  17. Asitha Fernando
Comments (0)
Add Comment