දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නිවේදනය කෙරේ

බංග්ලාදේශය සමග හෙට(23) ආරම්භ වන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද(22) පස්වරුවේ නිවේදනය කෙරුණා.

පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම හා සැසදීමේ දී මෙම කණ්ඩායම සදහා එක් ප්‍රධාන වෙනස්කමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ලසිත් ඇඹුල්දෙණිය වෙනුවට ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

පළමු තරගයේ පිතිකරණයේ නිරතව සිටියදී පන්දුවක් හිස් ආවරණයේ වැදී කම්පන තත්ත්වයකට ගොදුරු වූ වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු දෙවැනි ටෙස්ට් තරගය සදහා ද නම් කර නැහැ.

ඔහු වෙනුවට පළමු තරගය අතරතුර දී කණ්ඩායමට ආදේශ කෙරුණු කසුන් රාජිත දෙවැනි ටෙස්ට් තරගය සදහා ද නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තීරණාත්මක දෙවැනි ටෙස්ට් තරගය හෙට මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ඩකා හී දී ආරම්භ වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමා වූ බැවින් මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමි වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම –

01 DIMUTH KARUNARATNE
02 OSHADA FERNANDO
03 KUSAL MENDIS
04 ANGELO MATHEWS
05 DHANANJAYA DE SILVA
06 DINESH CHANDIMAL
07 NIROSHAN DICKWELLA
08 RAMESH MENDIS
09 PRAVEEN JAYAWICKRAMA
10 ASITHA FERNANDO
11 KASUN RAJITHA

Comments (0)
Add Comment