දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම නම් කෙරේ

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා.

පළමු ටෙස්ට් තරගයේ දී පාදයක ආබාධයකට ලක් වූ මාර්ක් වුඩ්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බැවින් ඔහු වෙනුවට කණ්ඩායමට ආදේශ කර ඇත්තේ ඔලී ස්ටෝන්.

2019 වසරේ දී ටෙස්ට් වරම් දිනූ 30 හැවිරිදි ස්ටෝන් මේ දක්වා එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 3 ක් පමණයි. එහිදී ඔහු කඩුලු 10 ක් දවා ගැනීමට සමත් වුණා.

ඔලී ස්ටෝන් කණ්ඩායමට ආදේශ කිරීම හැරුණු විට වෙනත් කිසිදු වෙනසක් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ටෙස්ට් තරගය සදහා සිදු කර නැහැ.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තය කඩුලු පහක ජයක් වාර්තා කළ අතර, දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 29 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

England XI for second Test vs Sri Lanka:

Ben Duckett, Dan Lawrence, Ollie Pope (c), Joe Root, Harry Brook, Jamie Smith (wk), Chris Woakes, Gus Atkinson, Matthew Potts, Olly Stone, Shoaib Bashir

top
Comments (0)
Add Comment