නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා.
පළමු තරගයට ක්‍රීඩා කළ තරගයම දෙවැනි තරගය සදහා ද නම් කිරීමටයි එංගලන්තය තීරණය කර ඇත්තේ.
ඒ අනුව පළමු ටෙස්ට් තරගයේදී අංක 3 ස්ථානයේ පන්දුවට පහර දෙමින් ටෙස්ට් වරම් දිනා ගත් ජෙකබ් බෙතෙල් දෙවැනි තරගයේදී ද එම ස්ථානයේම පන්දුවට පහර දීමට නියමිතයි. ඔහු පළමු තරගයේ දෙවැනි ඉනිමේදී වේගවත් නොදැවුණු අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.
අංක 3 ස්ථානයේ සිට අංක 6 ස්ථානය දක්වා යොමු කළ ඔලී පෝප් කඩුලු රැකීමේ කාර්යය ද සමගින් එම ස්ථානයේම පන්දුවට පහර දීමට නියමිතව තිබෙනවා.
දෙරට අතර පැවැති පළමු තරගයෙන් එංගලන්තය කඩුලු අටක ජයක් වාර්තා කළ අතර, තරග 3 කින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 6 වැනිදා වෙලින්ටන්හීදී ආරම්භ වීමට නියමිතයි.
England XI:
Zak Crawley, Ben Duckett, Jacob Bethell, Joe Root, Harry Brook, Ollie Pope (wk), Ben Stokes (c), Chris Woakes, Gus Atkinson, Brydon Carse, Shoaib Bashir