එංගලන්ත පිතිකරු ජේකබ් බෙතෙල්ට ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.
ඒ, ඔහු ඉන්දියාව සමග පැවැති පළමු එක්දින තරගයේදී මුහුණ දුන් වම් පාදයේ ආබාධය හේතුවෙන්.
ආබාධය නිසා 21 හැවිරිදි ඔහුට ඉන්දියාව සමග අද(9) දහවල් කටක්හීදී ආරම්භ වූ දෙවැනි එක්දින තරගය ද අහිමි වුණා.
එමෙන්ම ලබන බදාදා දිනයේදී අහ්මදාබාද්හීදී පැවැත්වීමට නියමිත අවසන් එක්දින තරගය ද ඔහුට අහිමි වනු ඇති.
මේ වන විට කඩුලු රකින ක්‍රීඩක ජෙමී ස්මිත් ද පාදයක ආබාධයකින් සුවය ලබමින් සිටින බැවින් දෙවැනි එක්දින තරගය සදහා අතිරේක පන්දු රකින්නන් නම් කිරීමේ දී එංගලන්තය අර්බුදයකට මුහුණ දුන්නා.
ඒ අනුව සහාය පුහුණුකරුවන් වන මර්කස් ට්‍රෙස්කොතික් හා පෝල් කොලින්වුඩ් අතිරේක පන්දු රකින්නන් (sub-fielders) ලෙස නම් කිරීමටයි එංගලන්තය පියවර ගෙන තිබුණේ.
මේ අතර, තෙවැනි එක්දින තරගය සදහා අවශ්‍ය වුවහොත් යොදා ගැනීමේ අරමුණින් ටොම් බැන්ටන් එංගලන්ත සංචිතයට කැදවා ඇති අතර, ඔහු සදුදා දිනයේදී ඉන්දියාවට පැමිණීමට නියමිතයි.