ජූලි 13 වනදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (RDICS) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන විස්සයි 20 ජාත්‍යන්තර තරගය සඳහා වන සියලුම ප්‍රවේශපත් මේ වන විට අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
අද (11) පස්වරු 3:30 ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිහිටි ප්‍රවේශපත් කවුළු නිල වශයෙන් වසා දැමූ බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ඒ අනුව තවදුරටත් ප්‍රවේශපත් අලෙවියක් සිදු වන්නේ නැහැ.
දෙවන විස්සයි 20 තරගය සඳහා ප්‍රවේශපත් මිලදී ගැනීම සදහා ප්‍රවේශපත් කවුළු වෙත යළි නොපැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයින්ට දන්වා සිටිනවා.