දෙදෙනෙකුට අළුබදුන වරම් ; ඇන්ඩර්සන් හා රොබින්සන් යළි කණ්ඩායමට

ඔස්ට්‍රේලියාව සමග හෙට (16) බර්මිංහැම්හි Edgbaston ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිත අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන එංගලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා.

කණ්ඩායම සදහා ආබාධවලට ලක්ව සිටි ජේම්ස් ඇන්ඩර්සන් හා ඔලී රොබින්සන් යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. ආබාධ නිසා ඔවුන් දෙදෙනා අයර්ලන්තයට එරෙහි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කළේ නැහැ.

මාර්ක් වුඩ් අභිබවා ස්ටුවට් බ්‍රෝඩ් කණ්ඩායමේ ස්ථානය තහවුරු කර ගෙන තිබෙනවා.

ආබාධයකට ලක් වූ ජැක් ලීච් වෙනුවට සංචිතයට ආදේශ කෙරුණු මොයීන් අලී ද කණ්ඩායමට නම් කිරීමටයි තීරණය කර ඇත්තේ. ඔහු ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට 2021 වසරේ දී තීරණය කර තිබූ නමුත්, එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් හා පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් විසින් කළ ඉල්ලීමක් සලකා බලා මොයීන් අලී යළි ටෙස්ට් පිටියට පිවිසීමට පසුගියදා තීරණය කළා.

ආරම්භක පිතිකරු බෙන් ඩකට් හා මැදපෙල පිතිකරු හැරී බෘෘක් හෙට තරගයේ දී අළුබදුන වරම් දිනා ගනු ඇති.

England XI for first Ashes Test :

Ben Duckett, Zak Crawley, Ollie Pope, Joe Root, Harry Brook, Ben Stokes (c), Jonny Bairstow (wk), Moeen Ali, Stuart Broad, Ollie Robinson, James Anderson.

Comments (0)
Add Comment