දුෂාන් හේමන්තගේ විශිෂ්ඨ පන්දු යැවීම හා නුවනිදු ප්‍රනාන්දුගේ අර්ධ ශතකය අපතේ යවමින් ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම හමුවේ ලකුණු 11ක පරාජයක් උරුම කර ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායමට අද(18) සිදු වුණා.
ඕමානයේ Al Amerat හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තාන A පිල පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 7 ක් දැවී ලකුණු 166 ක් ලබා ගනිමින්.
ඉනිමේ පළමු කඩුල්ල 16 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී බිද වැටුණේ මුළු ලකුණු සංඛ්‍යාව 142 ක් ලෙස සටහන්ව තිබියදීයි.
Sediqullah Atal පන්දු 46 කින් ලකුණු 83 ක් රැස් කළේ හයේ පහර 7 ක් හා හතරේ පහර 2 ක් සමගින්. Zubaid Akbari ලකුණු 57(54) යි.
පන්දු යැවීමේදී දුෂාන් හේමන්ත ලකුණු 23 කට කඩුලු 6 ක් දවා ගැනීම කැපී පෙනුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A කණ්ඩායමට පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 155 ක් පමණයි.
නායක නුවනිදු ප්‍රනාන්දු පන්දු 32 කින් ලකුණු 51 ක් රැස් කළා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 6 ක් සමගින්. අහන් වික්‍රමසිංහ පන්දු 18 කින් ලකුණු 31 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී Faridoon Dawoodzai ලකුණු 40 කට කඩුලු 3 ක් දවා ගත් අතර, Bilal Sami හා AM Ghazanfar කඩුලු 2 බැගින් බිද හෙලුවා.
— cric sl (@cricslvideo) October 18, 2024