දුනිත්ට ටෙස්ට් වරම් ; ශ්‍රී ලංකාවෙන් 12 දෙනෙකුගෙන් යුත් සංචිතයක්

ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පාකිස්තානයට එරෙහිව හෙට (24) ගාල්ලේදී ආරම්භ වන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කර තිබෙනවා.

පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වූ මහීෂ් තීක්ෂණ වෙනුවට‍යි ඔහුව කණ්ඩායමට නම් කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගන්නා 162 වැනි ක්‍රීඩකයා ලෙස දුනිත් වෙල්ලාලගේ ඉතිහාසයට එක්වනු ඇති.

මේ අතර, හෙට තරගය සදහා වන ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් අවසන් ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ද කැදවා ඇති බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළා.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට පෙරවරු 10 ට ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.

Comments (0)
Add Comment