දිවා ආහාරයට පෙර ශ්‍රී ලංකාවට කඩුලු දෙකක් අහිමි වෙයි

Lunch Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(15) චිතගොං හි Zahur Ahmed Chowdhury ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 73ක්.(පන්දුවාර 24කදී)

මෙම තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ඕෂද ප්‍රනාන්දු සමගින් දිමුත් කරුණාරත්නයි.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස දිමුත් ලකුණු 9(17)කට දැවී ගියා. ඒ, මුළු ලකුණු සංඛ්‍යාව 23ක් ලෙස සටහන්ව තිබියදීයි.

නයීම් හසාන් යොමු කළ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනුයි දිමුත්ට සිය කඩුල්ල අහිමි වුණේ.

ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලකුණු 66දී බිද වැටුණා.

ඒ, ඕෂද ප්‍රනාන්දු පන්දු 76කින් ලකුණු 36ක් ලබා සිටියදී නයීම් හසාන් යොමු කළ පන්දුවක් හමුවේම කඩුලු රකින ක්‍රීඩක ලිටොන් දාස් අතට උඩ පන්දුවක් ලබා දීමෙන්.

ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 3ක් ඇතුළත් වුණා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින කුසල් මෙන්ඩිස් ලකුණු 27(43)ක් ලබා සිටින අතර, ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු 9කට මුහුණ දුන් නමුත් මෙතෙක් ලකුණු රැස් කිරීමට සමත්ව නැහැ.

පන්දු යැවීමේ දී නයීම් හසාන් ලකුණු 28ක් ලබා දෙමිනුයි අදාළ කඩුලු දෙක දවා ගත්තේ.

බංග්ලාදේශ කණ්ඩායම සතු විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථා (Reviews) තුනෙන් දෙකක්ම මෙම හෝරා දෙකක කාලය තුළ දී ඔවුන්ට අහිමි වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවට එක් විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථාවක් මේ වන විට අහිමි වී තිබෙනවා.

මේ අතර, බංග්ලාදේශ කඩුලු රකින ක්‍රීඩක ලිටොන් දාස් දිවා ආහාරයට තරගය නතර කිරීමට සුළු වේලාවකට පෙර යම් අනතුරකට ද මුහුණ දුන්නා.

ඒ, කුසල් මෙන්ඩිස් එල්ල කළ පහරකින් පසුව ඔහුගේ පිත්ත ලිටොන් දාස්ගේ හිස් ආවරණයේ වැදීම හේතුවෙන්.

එහි වීඩියෝ දර්ශන දෙකක් පහතින් –

ඊයේ නිවේදනය කළ ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා අවසන් සංචිතයෙන් අද තරගය සදහා වන අවසන් ක්‍රීඩකයින් 11 දෙනා අතරට පිවිසීමේ අවස්ථාව අහිමි වී ඇත්තේ දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමටයි.

කොවිඩ් 19 ආසාදනය වී සුවය ලැබූ බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් මෙම තරගය සදහා ක්‍රීඩා කරනවා.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI :
Dimuth Karunaratne(c), Oshada Fernando, Kusal Mendis, Angelo Mathews, Dhananjaya de Silva, Dinesh Chandimal, Niroshan Dickwella, Ramesh Mendis, Asitha Fernando, Lasith Embuldeniya, Vishwa Fernando

Bangladesh XI:
Tamim Iqbal, Mahmudul Hasan Joy, Najmul Hossain Shanto, Mominul Haque(c), Mushfiqur Rahim, Liton Das, Shakib Al Hasan, Nayeem Hasan, Taijul Islam, Khaled Ahmed, Shoriful Islam

Comments (0)
Add Comment