දිවයිනට පැමිණි පාකිස්තාන සංචිතයට සම්බන්ධ සාමාජිකයෙකුට කොරෝනා

දිවයිනට පැමිණි පාකිස්තාන ටෙස්ට් සංචිතය සමග රැදී සිටින සහාය කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

දිවයිනට පැමිණි අවස්ථාවේ දී සිදු කෙරුණු  රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක දී යි ඒ බව අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව ඔහුට දින 5ක කාලයක් හුදෙකලා වී සිටීමට සිදුවනු ඇති.

දින පහක කාලයෙන් පසු වෛද්‍ය පරීක්ෂණයකින් ඔහුගේ ශරීරය තුළ කොරෝනා වෛරසය නොමැති බව තහවුරු වුවහොත්, ඉන් අනතුරුව ඔහුට හුදෙකලා බවින් නිදහස් වීමට හැකි වනවා.

තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරිම සදහා පාකිස්තාන සංචිතය ඊයේ (06) රාත්‍රී කාලයේදී දිවයිනට පැමිණියා.

Comments (0)
Add Comment