දිල්ලි කැපිටල්ස් නායකත්වයේ වෙනසක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙස රිෂාබ් පාන්ට් පත් කර තිබෙනවා.

ඒ, නිත්‍ය නායක ෂ්රෙයස් අයියර් ආබාධයකට ලක්වීම නිසා මෙවර තරගාවලියට ක්‍රීඩා නොකරන බැවින්.

නිමා වූ ඉන්දු – එංගලන්ත එක්දින තරගාවලිය අතරතුර දී යි ඔහුගේ වම් උරහිසෙහි ආබාධයක් ඇති වුණේ.

ෂ්රෙයස් අයියර්ගේ නායකත්වය යටතේ දිල්ලි කණ්ඩායම පසුගිය තරග වාරයේ දී ඉහළ සාර්ථකත්වයක් දැක් වූ අතර,  තරගාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට ද ඔවුන් සමත් වුණා.

රිෂාබ් පාන්ට් මීට පෙර කිසිදු අයි.පී.එල් තරගයකදී කණ්ඩායමක් මෙහෙයවා නැහැ.

මෙවර අයි.පී.එල් තරගාවලිය, එනම් අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ 14 වන අදියර ලබන 9 වනදා ආරම්භ වීමට නියමිතයි.

Comments (0)
Add Comment