දිමුත් පන්දු රැකීමෙන් ඉවත් වෙද්දී නවීඩ් නවාස් සංචිතයෙන් නිදහස් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පිට කොන්ද ආශ්‍රිත යම් ආබාධ තත්ත්වයකට ගොදුරු වී තිබෙනවා.

ඔහු මේ වන විට ඒ සදහා ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ හේතුවෙන් පාකිස්තානය සමග මේ වන විට පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දී ඔහු පන්දු රැකීම සදහා ද එක් වී නැහැ.

උප නායක ධනංජය ද සිල්වා මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස කටයුතු කරනවා.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, කණ්ඩායමේ පුහුණු සැසියකදී ඔහු මුහුණ දුන් ආබාධයකින් සම්පූර්ණය සුවය ලැබීම සදහා අවශ්‍ය කාලය ලබා දීමේ අරමුණින්.

පසුගිය 23 වැනිදා පන්දුවක් මුහුණේ වැදීමෙන් මෙම ආබාධය සිදුව තිබුණා.

ඒ හේතුවෙන් ඔහුගේ උඩතොල ආශ්‍රිතව මැහුම් කිහිපයක් ද දැමීමට සිදුව ඇති බව ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Comments (0)
Add Comment