ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනල් මෙසීට දින නියමයක් නොමැතිව පාපන්දු පිටියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.
ඒ, කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අතරතුර දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන්.
සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලදී ඔහුගේ දකුණු වළලුකර ප්‍රදේශයේ පවතින ආබාධය (ligament injury) සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වී ඇති බව සදහන්.
“After a medical evaluation, it has been determined that Leo Messi has suffered a ligament injury in his right ankle,” යනුවෙන් ඔහුගේ ක්‍රීඩා සමාජය වන Inter Miami නිවේදනය කර සිටියා.
“The captain’s availability will be determined by periodic assessments and the progress of his recovery.”
37 හැවිරිදි මෙසී මෙවර කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ 64 වැනි මිනිත්තුවේ දී අදාළ ආබාධය හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා.
පිටියෙන් ඉවත් වීමෙන් පසුව ඔහු දැඩි ලෙස හැගීම්බර වී කදුළු සලමින් සිටින අයුරු ද දැක ගත හැකි වූ අතර, ඔහුගේ දකුණු වළලුකර ප්‍රදේශය දැඩි ලෙස ඉදිමී තිබෙන අයුරු ද දැක ගත හැකි වුණා.