ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු දිනේෂ් චන්දිමාල් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ, අයර්ලන්තය සමග ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය වන අද (27) දිනයේ දී ඔහු මුහුණ දුන් අනතුරක් හේතුවෙනුයි.
ඔහු පිතිකරණයේ නිරතව සිටියදී ලකුණක් කරා දිව යාමට ගත් උත්හාහයක් අතරතුර දී මෙම අනතුර සිදු වුණා.
චන්දිමාල් එම ලකුණ කරා දිව නොයා අතරමගදී යළි සිය සීමාව කරා පෙරළා දිව ආ අතර එහිදී බිම වැතිරෙමින් සිය සීමාව සලකුණු කරනු ලැබුවේ දුවද්දී දැවී යාමකින් ආරක්ෂා වීම සදහායි.
කෙසේ වෙතත්, එම අවස්ථාවේ දී ඔහුගේ දකුණු උරහිසෙහි යම් ආබාධයක් සිදු වුණා.
මූලික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රීඩාංගනය තුළ දී ම ලබා දුන් නමුත්, පසුව ඔහු පිටියෙන් ඉවත් වීමටයි පියවර ගත්තේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීම සදහා චන්දිමාල් රෝහල් ගත කර ඇති බවයි.
ආබාධය සිදු වන විට දිනේෂ් චන්දිමාල් ලකුණු 13 ක් ලබා සිටියා.