දික්වැල්ල ඉවතට ; වෙනස්කම් රැසක් සමග ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

තරග දෙක සදහා නම් කෙරුණු 24 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ලැබී ඇති බවත්, එම සංචිතයෙන් මෙම ක්‍රීඩකයින් 15 දෙනා නම් කර ඇති බවත් ක්‍රිකට් ආයතනය සදහන් කළා.

වේග පන්දු යවන ක්‍රීඩකයින් වන ලහිරු කුමාර හා කසුන් රාජිත මෙම තරගයෙන් විවේක ගැන්වීමට තීරණය කර තිබෙනවා.

ටෙස්ට් වරම් දිනා නොමැති මිලාන් රත්නායක සමග විශ්ව ප්‍රනාන්දු හා අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන්නන් ලෙස ඇතුළත්.

නිශාන් මදුෂ්ක සංචිතයේ සිය ස්ථානය රැක ගැනීමට සමත්ව ඇති අතර, නිරෝෂන් දික්වැල්ල සංචිතයෙන් ඉවත් කිරීමටයි ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති දග පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත සංචිතය සදහා නම් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

ඔහු සමග දග පන්දු යවන්නන් ලෙස සංචිතයට ඇතුළත් කර ඇත්තේ රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය හා ලසිත් ඇඹුල්දෙණිය යන ක්‍රීඩකයින්.

පැතුම් නිස්සංක මෙන්ම ඕෂද ප්‍රනාන්දු ද පළමු ටෙස්ට් තරගය සදහා නම් කර නැහැ.  නවසීලන්ත ටෙස්ට් තරගාවලියට නම් කෙරුණු චාමික කරුණාරත්න ද සංචිතයට ඇතුළත් නොවන අතර, සධීර සමරවික්‍රම සංචිතයට කැදවා තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අප්‍රේල් 16 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

Squad :

1.) Dimuth Karunaratne (c)
2.) Kusal Mendis
3.) Angelo Mathews
4.) Dinesh Chandimal
5.) Dhananjaya De Silva
6.) Kamindu Mendis
7.) Nishan Madushka (WK)
8.) Sadeera Samarawickrama (WK)
9.) Ramesh Mendis
10.)Prabath Jayasuriya
11.)Dushan Hemantha
12.)Lasith Embuldeniya
13.)Asitha Fernando
14.)Vishwa Fernando
15.)Milan Rathnayake

Comments (0)
Add Comment