දඹුල්ල ඕරා කණ්ඩායමේ නායක දසුන් ශානකට දඩ නියම කිරීමක් සිදු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පසුගිය 8 වැනිදා කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව හම්බන්තොට දී පැවැති තරගයේ දී විනිසුරු තීරණයකට විරුද්ධත්වය පල කිරීම හේතුවෙනුයි ඔහුට මෙලෙස දඩ නියම කිරීමක් සිදු කර ඇත්තේ.
ඒ අනුව දසුන් ශානකට එරෙහිව අමෙරිකානු ඩොලර් 3,000 ක (රුපියල් ලක්ෂ 11 පමණ) දඩ මුදලක් නියම කිරීමටයි තරග තීරකවරයා පියවර ගෙන ඇත්තේ.
එය ඔහුගේ තරග ගාස්තුවෙන් 40% ක මුදලකට සමාන වන බව සදහන්. එමෙන්ම දසුන් ශානකට එරෙහිව දඩුවම් ලකුණු 2 ක් ද පනවා තිබෙනවා.
ඔහු විසින් එල් පී එල් විනය නීති සංග්‍රහයේ 2.8 වගන්තය උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් මෙහිදී සිදු කර ඇති බවත්, දසුන් ශානක විසින් සිය වරද පිළිගෙන ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
[…] – Source – […]