ශ්‍රී ලංකා එක්දින හා 20යි 20 කණ්ඩායමේ නායක දසුන් ශානකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
ඒ හේතුවෙන් ඔහුට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එළඹෙන 16 වැනිදා ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මේ වන විට මතුව ඇති බව සදහන්.
අදාළ තරගාවලිය අරමුණු කර ගනිිමන් එළඹෙන 7 වැනිදා ක්‍රීඩකයින්ට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතයි.