ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.
හිටපු නායක දසුන් ශානක මෙම සංචිතයට නම් කර නොමැති අතර, චාමික කරුණාරත්න සංචිතයට කැදවීමට තීරණය කර තිබෙනවා.
නිමා වූ සිම්බාබ්වේ එක්දින තරගාවලියේ දී ලකුණු අතරට පිවිසීමට නොහැකි වූ අවිශ්ක ප්‍රනාන්දු මෙම සංචිතයේ ද සිය ස්ථානය රැක ගැනීමට සමත්ව තිබෙනවා.
සිම්බාබ්වේ පිලට එරෙහිව දක්ෂතා දැක් වූ ජනිත් ලියනගේ ඇෆ්ඝනිස්තානයට එරෙහි සංචිතයට ද ඇතුළත්.
සිම්බාබ්වේ තරගාවලියට නම් කෙරුණ ද කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලද නුවනිදු ප්‍රනාන්දු මෙම සංචිතයට නම් කර නැහැ.
ජෙෆ්රි වැන්ඩර්සේ එක්දින සංචිතයෙන් ඉවත් කර ඇති අතර, අකිල ධනංජය ද තවදුරටත් සංචිතයේ ස්ථානය රැක ගෙන තිබෙනවා.
උණ රෝගී තත්ත්වයකින් පෙළුණු බැවින් සිම්බාබ්වේ එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා නොකළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ඇෆ්ඝනිස්තානයට එරෙහි සංචිතය සදහා නම් කිරිමටයි පියවර ගෙන ඇත්තේ.
පැතුම් වෙනුවට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියට ඇතුළත් කෙරුණු ශෙවෝන් ඩැනියල් ද අද නිවේදනය කෙරුණු එක්දින සංචිතයට ඇතුළත්.
හෙට ආරම්භ වන එක්දින තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, දෙවැනි හා තෙවැනි එක්දින තරග පෙබරවාරි 11 හා 14 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.
20යි 20 තරගාවලිය පෙබරවාරි 17, 19 හා 21 යන දිනවලදී දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
ODI squad
1. Kusal Mendis – Captain
2. Charith Asalanka – Vice Captain
3. Pathum Nissanka
4. Avishka Fernando
5. Sadeera Samarawickrama
6. Janith Liyanage
7. Wanindu Hasaranga
8. Maheesh Theekshana
9. Dushmantha Chameera
10. Dilshan Madushanka
11. Pramod Madushan
12. Sahan Arachchige
13. Akila Dananjaya
14. Dunith Wellalage
15. Chamika Karunaratne
16. Shevon Daniel