නවසීලන්ත පිතිකරු රචින් රවීන්ද්‍රට පාකිස්තානයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ සදුදා (10) දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරගය සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වීමට ඉඩ ඇති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ, ඔහු තුන්කොන් තරගාවලිය යටතේ ඊයේ(8) පාකිස්තානය සමග පැවැති තරගයේදී මුහුණ දුන් අනතුර හේතුවෙන්.
පාකිස්තාන ඉනිමේ 38 වැනි පන්දුවාරයේදී පන්දු රකිමින් සිටියදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී පන්දුව මුහුණේ වැදීමෙනුයි රචින් රවීන්ද්‍ර මෙම අනතුරට මුහුණ දුන්නේ. (දර්ශන කිහිපයක් පහතින්)
අනතුරුව ඔහුගේ මුහුණෙන් රුධිරය ගලා යන ආකාරයක් ද දැක ගත හැකි වූ අතර, එම අවස්ථාවේදීම ඔහුට අවශ්‍ය මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගැණුනා. පසුව ඔහුව පිටියෙන් ඉවතට රැගෙන ගියා.
රවීන්ද්‍ර මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බවත්, ඔහුගේ තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින බවත් නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.
ලාහෝර්හීදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 330 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 47.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 252 ක් පමණයි. ඒ අනුව නවසීලන්තයට ලකුණු 78 ක ජයක් හිමි වුණා.
මේ අතර, මෙම තරගයේදී පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හැරිස් රවුෆ් ද ආබාධයකට ලක් වුණා.
— cric sl (@cricslvideo) February 9, 2025
Gaddaffi Stadium Flood Lights Are A Disaster!!!!
Thank God India Isn’t Going To Pakistan To Play Champions Trophy 🙏🏻
Hope Rachin Ravindra Recovers Soon. pic.twitter.com/Q5SzzUkau4
— Dr Khushboo 🇮🇳 (@khushbookadri) February 8, 2025