දඹුල්ලේ විදෙස් වේග පන්දු යවන්නෙක් තරගාවලියෙන් ඉවත් වෙයි

දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඇෆ්ඝනිස්තානයේ අෆ්ටබ් අලාම් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරගවලින් ඉවත් වී තිබෙනවා.

ඒ, ඔහුට පෞද්ගලික හේතුවක් මත වහාම සිය රට බලා පිටව යාමට සිදු වීම හේතුවෙන්.

දඹුල්ල කණ්ඩායම මෙවර තරගාවලියේ සහභාගී වූ දෙවැනි තරගයේ දී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ අෆ්ටබ් අලාම් එහිදී පන්දුවාර 3ක් යොමු කරමින් ලකුණු 22කට කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

ඔහුගේ ඉවත් වීමත් සමග මේ වන විට දඹුල්ල වයිකින්ග් සංචිතයේ රැදී සිටින්නේ Anwar Ali, Samit Patel, Sudeep Tyagi, Paul Stirling, Samiullah Shenwari යන විදෙස් ක්‍රීඩකයින් පස් දෙනා පමණයි.

Comments (0)
Add Comment