දග පන්දු යවන්නන්ගේ සුපිරි දක්ෂතා හමුවේ පාකිස්තානයට ලකුණු 127 ක ජයක්

Match Report

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 127 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම අද(19) සමත් වුණා.

මුල්තාන්හි පැවැති තරගය ජය ගැනීම සදහා තරගයේ තෙවැනි දිනය වූ අද දිනයේදී ලකුණු 251 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 123 ක් පමණයි.

Alick Athanaze ලකුණු 55 කට දැවී ගිය අතර, පන්දු යැවීමේදී සජිඩ් ඛාන් ලකුණු 50 කට කඩුලු 5 ක් හා අබ්‍රාර් අහ්මඩ් ලකුණු 27 කට කඩුලු 4 ක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය ලකුණු 230 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස කොදෙව්වන් ලබා ගත්තේ ලකුණු 137 ක් පමණයි. පාකිස්තානය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 157 ක් ලබා ගත්තා.

තරගය පුරා කඩුලු 9ක් දවා ගත් සජිඩ් ඛාන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

top
Comments (0)
Add Comment