දකුණු අප්‍රිකාව 218/5

Day 1 Report

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසන් තරගයේ පළමු දිනය මෙරට වේලාවෙන් අද(19) අලුයම නිමා වුණා.

ශාන්ත ලුසියාහී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව්වන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමු ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකා කණ්ඩායම දිනය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 218ක්.

නායක ඩීන් එල්ගර් ලකුණු 77ක් රැස් කළ අතර, පළමු තරගයේ දී ශතකයක් වාර්තා කළ ක්වෙන්ටන් ඩී කොක් නොදැවී ලකුණු 59යි.

පන්දු යැවීමේ දී ෂැනොන් ගේබ්‍රියල් කඩුලු 2ක් බිද හෙලුවා.

කෙමා රෝච්, ජෙයිඩන් සීල්ස් සහ කයිල් මේයර්ස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Comments (0)
Add Comment