දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩිකා Shabnim Ismail ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
වසර 16 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දුන්න ද , 34 හැවිරිදි ඇය තවදුරටත් ලොව වටා 20යි 20 ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවනවා.
2023/24 තරග වාරය සදහා ජාතික කොන්ත්‍රාත්තුවක් ඇයට එරට ක්‍රිකට් ආයතනයෙන් ලබා දීමට තීරණය කළ ද, ඇය එය ප්‍රතික්ෂේප කරමින් ජාත්‍යන්තර පිටියට සමු දීමට තීරණය කර ඇත්තේ සිය පවුලේ කටයුතු පිළිබද වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින්.
Shabnim Ismail දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 127 ක් හා 20යි 20 තරග 113 ක් ක්‍රීඩා කර තිබෙනවා.
එහිදී පිළිවෙළින් ඇය කඩුලු 3, 191 හා 123 ක් දවා ගැනීමට සමත් වුණා.