එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය සදහා වන ඉන්දීය සංචිත එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අද නිවේදනය කළා.
මෙම සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක්, 20යි 20 තරග 3ක් හා ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.
රෝහිත් ෂර්මා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර, 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස සූර්යකුමාර් යාදව් කටයුතු කරනවා. එක්දින කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇත්තේ කේ.එල් රාහුල්.
විරාත් කෝලි හා රෝහිත් ෂර්මා සීමිත පන්දුවාර තරගාවලි දෙකෙන් විවේක ගන්වා ඇත්තේ ඔවුන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
කේ.එල් රාහුල්, ෂ්රෙයස් අයියර් හා ජස්ප්‍රිට් බුම්රා ඉන්දීය ටෙස්ට් සංචිතයට යළි කැදවා තිබෙනවා. අජින්කෙයා රහානේ ටෙස්ට් සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මොහොමඩ් ෂාමි හා අභිමන්යු ඒස්වරන් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමක පැවතුණහොත් පමණක් සංචාරයට එක් වනු ඇති.
මෙම සංචාරයට සමගාමීව ඉන්දීය A කණ්ඩායම ද දකුණු අප්‍රිකා A කණ්ඩායමට එරෙහිව සිව්දින තරග 2ක් හා සංචිත අභ්‍යන්තර තෙදින ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
ඒ අනුව සංචාරයට එක්වන ඉන්දීය A සංචිතය ද අද නිවේදනය කෙරුණා.
ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය දෙසැම්බර් 10 වැනිදා ඩර්බන් හී දී ආරම්භ වන්නේ තරග 3කින් යුත් 20යි 20 තරගාවලියෙන්.
එක්දින තරගාවලිය ලබන 17 වැනිදා ද, ටෙස්ට් තරගාවලිය ලබන 26 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.
India’s squad for Tests:
Rohit Sharma (C), Shubman Gill, Yashasvi Jaiswal, Virat Kohli, Shreyas Iyer, Ruturaj Gaikwad, Ishan Kishan (wk), KL Rahul (wk), Ravichandran Ashwin, Ravindra Jadeja, Shardul Thakur, Mohd. Siraj, Mukesh Kumar, Mohd. Shami*, Jasprit Bumrah (VC), Prasidh Krishna.
India’s squad for 3 T20Is:
Yashasvi Jaiswal, Shubman Gill, Ruturaj Gaikwad, Tilak Varma, Suryakumar Yadav (C), Rinku Singh, Shreyas Iyer, Ishan Kishan (wk), Jitesh Sharma (wk), Ravindra Jadeja (VC), Washington Sundar, Ravi Bishnoi, Kuldeep Yadav, Arshdeep Singh, Mohd. Siraj, Mukesh Kumar, Deepak Chahar.
India’s squad for 3 ODIs:
Ruturaj Gaikwad, Sai Sudharsan, Tilak Varma, Rajat Patidar, Rinku Singh, Shreyas Iyer, KL Rahul (C)(wk), Sanju Samson (wk), Axar Patel, Washington Sundar, Kuldeep Yadav, Yuzvendra Chahal, Mukesh Kumar, Avesh Khan, Arshdeep Singh, Deepak Chahar.
India A squad for the 1st four-day match: Sai Sudharsan, Abhimanyu Easwaran*, Devdutt Padikkal, Pradosh Ranjan Paul, Sarfaraz Khan, KS Bharat (C)(wk), Dhruv Jurel, Shardul Thakur, Pulkit Narang, Sourabh Kumar, Manav Suthar, Prasidh Krishna, Akash Deep, Vidhwath Kaverappa, Tushar Deshpande.
India Inter-squad three-day match: Rohit Sharma, Yashasvi Jaiswal, Shubman Gill, Abhimanyu Easwaran*, Devdutt Padikkal, Virat Kohli, Shreyas Iyer, Sarfaraz Khan, Pradosh Ranjan Paul, KS Bharat (wk), Dhruv Jurel (wk), Ishan Kishan (wk), Ravindra Jadeja, Ravichandran Ashwin, Pulkit Narang, Harshit Rana, Shardul Thakur, Sourabh Kumar, Manav Suthar, Prasidh Krishna, Akash Deep, Vidhwath Kaverappa, Jasprit Bumrah, Mohd. Siraj, Mohd. Shami, Navdeep Saini.
India A squad for 2nd four-day match: Sai Sudharsan, Abhimanyu Easwaran*, Ruturaj Gaikwad, Tilak Varma, KS Bharat (C)(wk), Dhruv Jurel (wk), Washington Sundar, Axar Patel, Harshit Rana, Kuldeep Yadav, Manav Suthar, Akash Deep, Vidhwath Kaverappa, Navdeep Saini.