Ottneil Baartman එක්දින තරගාවලියෙන් ඉවතට

දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක Ottneil Baartman හට පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, දෙවැනි එක්දින තරගයට පෙර ශරීරය උණුසුම් කරන ව්‍යායාමවල නිරතව සිටියදී ඔහුගේ දකුණු දණහිසෙහි සිදු වූ ආබාධයක් හේතුවෙන්.

එම නිසා පළමු එක්දින තරගයට ක්‍රීඩා කළ ඔහුට දෙවැනි එක්දින තරගය ද අහිමි වුණා.

ඔහු වෙනුවට Corbin Bosch සංචිතයට ආදේශ කිරීමටයි තීරණය කර ඇත්තේ.

තරගාවලියේ පළමු තරග දෙක ජය ගත් පාකිස්තානය මේ වන විටත් තරගාවලිය ජය ගෙන අවසන්ව ඇති අතර, අවසන් තරගය එළඹෙන 22 වැනිදා ජොහැනස්බර්ග්හි වොන්ඩරස් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

Comments (0)
Add Comment