පළමු වරට කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට නවසීලන්තය අද(20) සමත් වුණා.
ඒ, 2024 කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පසුගියවර ද අනුශූරතාවයෙන් සෑහීමකට පත් වීමට සිදු වූ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පරදා ලකුණු 32 ක ජයක් වාර්තා කරමින්.
ඩුබායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 158 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 126 ක් පමණයි.
Laura Wolvaardt ලකුණු 33 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Rosemary Mair හා Amelia Kerr කඩුලු 3 බැගින් බිද හෙලුවා.
පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය වෙනුවෙන් Amelia Kerr ලකුණු 43 ක් හා Brooke Halliday ලකුණු 38 ක් රැස් කළා. Suzie Bates ලකුණු 32 යි.
පන්දු යැවීමේ දී Nonkululeko Mlaba ලකුණු 31 කට කඩුලු 2 ක් දවා ගත්තා.
A Suzie Bates Special you don’t want to miss 🤩🥳
A perfect way to sign off from Dubai Cricket Stadium ♥️#CricketTwitter #T20WorldCup pic.twitter.com/oljVCJayBn
— Female Cricket (@imfemalecricket) October 20, 2024