දකුණු අප්‍රිකාවේ නව නායිකාව තහවුරු කෙරේ

Laura Wolvaardt දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමේ නිත්‍ය නායිකාව ලෙස පත් කළ බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා කාන්තා සංචිතය අද නිවේදනය කෙරුණා.

20යි 20 සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්. දෙසැම්බර් 3 වැනිදා දකුණු අප්‍රිකාවේ Benoni හී දී ආරම්භ වන 20යි 20 තරගාවලිය සදහා වන එරට කාන්තා සංචිතයට ආබාධ හේතුවෙන් Ayabonga Khaka, Chloe Tyron හා Nadine de Klerk ඇතුළත්ව නැහැ.

20යි 20 තරගාවලියෙන් Marizanne Kapp විවේක ගන්වා තිබෙනවා.

මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති Ayanda Hlubi හා Eliz-Mari Marx ද සංචිතයට ඇතුළත්.

T20I Squad:

Anneke Bosch, Tazmin Brits, Annerie Dercksen, Mieke de Ridder, Lara Goodall, Ayanda Hlubi, Sinalo Jafta, Masabata Klaas, Sune Luus, Eliz-Mari Marx, Nonkululeko Mlaba, Tumi Sekhukhune, Nondumiso Shangase, Delmi Tucker, Laura Wolvaardt (C)

Comments (0)
Add Comment